රණවිරුගමක් විදුලි වහරුවට විරවති


කරන්දෙණිය සිට ගාල්ල දක්වා ඉදිකරගෙන යන අධි බලැති සම්ප්‍රේෂණ මාර්ගයක ස්විච් පුවරුවක් සවි කිරීමෙන් අම්බලන්ගොඩ තිලකපුර රණවිරු ගමට අතුරු ආබාධ ඇතිවෙතිය කියමින් ගම්වැසියකු වන උපුල් ද සිල්වා පැය දෙක හමාරක් පමණ අඩි 40ක් උස කුළුනකට නැග විරෝධය පෑවේය. ගම්වැසියෝ පිරිසක්ද මීට විරෝධය පෑමට එකතු වූහ.

ප්‍රධාන ඉංජිනේරු සුනිල් පීරිස් මහතා පැවසුවේ ඔවුනට ස්විච් පුවරු එපා නම් එය සවි නොකරන බවයි. එය සවි කිරීමෙන් කිසිම හානියක් නොවන බවද ඔහු කියයි. ස්විච් පුවරුව සවි නොකිරීම නිසා දින 10කට වැඩි කාලයක් දවසේ වැඩි කාලයක් විදුලිය විසන්ධි වීමට ඉඩ ඇතැයි ඔහු කීවේය. 

DSC_5601 DSC_5604 DSC_5607 DSC_5610 DSC_5612