රණජය සැමරුම නිව්ජර්සි නුවර


ත්‍රස්තවාදය පිටුදැකීමේ පස්වැනි විජයග්‍රණ සමරුව නිමිත්තෙන් ඇමෙරිකාවේ නිව්ජර්සි  හි ප්‍රින්ස්ටන් විහාරස්ථානයේ දී සැමරුමක් පැවැත්විණි.

එක්සත්ජාතීන්ගේ සංවිධානයේ  නිව්යෝක් කාර්යාලයේ  ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොනගේ ප්‍රධානත්වයෙන් පැවැති  මෙම උත්සවයට ඇමෙරිකාවේ වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ආරක්ෂක උපදේශක කර්නල් හරේන්ද්‍ර රණසිංහ ප්‍රමුඛ ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලංකා හමුදා නිලධරයෝ ද ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ද සහභාගී වුහ.එහිදී හමුදා ධජද ආසිරි ගැන්විණි.