රටින් පනින්න හැදූ කොටි 45කට නඩු
උතුරේ යුද ගැටුම් පැවැති අවසාන වකවානුවේ ව්‍යාජ නම් හා ජිව දත්ත සාදාගෙන හමුදා පාලන ප්‍රදේශවලට පැමිණ නීති විරෝධී ආකාරයෙන් යුරෝපයට යෑමට උත්සහා කළ බව කියන කොටි සාමාජිකයන් 45 දෙනකුට එරෙහිව නඩු පවරන බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට අද (6) දැනුම් දුන්නේය. ජෙයකුමාර් තසරූන් නම් කොටි සමාජිකයා අනෙක් 44 දෙනා විදේශීය රටවලට රැගෙන යෑම සංවිධානය කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

