එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිnඳ මහකොමසාරිනී නව නීදන් පිල්ලේ ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ විමර්ශනය කිරීමට අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකළ යුතුයැයි ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල ආධාරය ඇතිව ඉදිරිපත් කර ඇති යෝජනාව අරබයා ශ්‍රී ලංකාව හා පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල හමුවේදී මතගැටුම් ඇති විය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියලේ ශ්‍රී ලංකා නිත්‍ය සාමාජික රවිනාථ ආරියසිංහ , පිල්ලේගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන සොයාබැලීමට අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකළයුතුයැයි ඉදිරිපත් කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය හා අයුක්තිසහගත කරුණු පදනම් කරගෙන සකස් කර ඇත්තක් යැයි පැවසීය. ශ්‍රී ලංකාවේ නියෝජිතයා වශයෙන් එම වාර්තාවේ අන්තර්ගත ඇතැම් කරුණු සම්බන්ධයෙන් තමන් මවිතයට පත්වන බවත් ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පිල්ලේ ඇතුළු නියෝජිත පිරිස සතියක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ශ්‍රී ලංකා රජයෙන් අවස්ථාව ලබා ගත්තද පිල්ලේ මහත්මිය ඇතුලූ පිරිස එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබාගෙන නොමැති සෙයක් පෙනෙන්නට ඇති බවත් හෙතෙම කීය.
එම අවස්ථාව හරි හැටි භාවිතා කළේ නම් යුද්ධයෙන් පසු ශී්‍රලංකාව ලගා කර ගෙන ඇති ප්‍රගතිය දුටුවේ නම් පිල්ලේ මහත්මියට මෙවන් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද පැවසීය.
මෙවන් අසත්‍ය කරුණු සදහන් වාර්තා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් නොවිය යුතුව ඇතැයිද කීය.
තම වාර්තාව ඉදිරිපත් කරමින් පිල්ලේ සදහන් කළේ රජය හා කොටි සංවිධානය යන දෙපිරිසම අතින් සිදුව ඇති යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් නිසා දහස් ගණනක් දෙනා මරණයට පත්ව හෝ අතුරුදන්ව හෝ සිටින බවයි.
මෙනිසා උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කිසිසේත් ප්‍රමාණවත් නොවන්නේ යැයිද සැගව ඇති කරුණු හෙළි කර ගැනීම සදහා අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇතැයිද ඕ පැවසුවාය.
ජීනීවා සමුළුව පැවැත්වෙන අතරවාරයේදී ශී්‍රලංකා රජය මානව හිමිකම් කි්‍රයාකාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන යළි නිදහස් කිරීමේ සිදුවීමද ඇය සදහන් කළාය.ඔවුන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සතුටු වන මුත් ඔවුන් සම්බන්ධයෙන් නිරතුරුවම ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටීම පිළිගත නොහැකි යැයි ඇය කීවාය.
ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශී්‍රලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද (27) දිනයේ පැවැත්වීමට නියමිතය.
බදාදා හමුවේදී ඇමරිකාව, බ්‍රි තාන්‍යය, ග්‍රීසිය වැනි රටවල් හා යුරෝපයේ බහුතර රටවල නියෝජිතයෝ ශ්‍රී ලංකා එරෙහිව අදහස් පළ කළහ.
කියුබාව, රුසියාව, පකිස්තානය, චීනය,සුඩානය, වෙනිසියුලාව, වියට්නාමය යන රටවල නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පක්ෂව කතා කළහ.
කියුබාව පිල්ලේගේ වාර්තාව පක්ෂග්‍රාහී යැයිද කවුන්සිලයේ අරමුණු උල්ලංඝණය කරන්නක් යැයිද හැදින්වීය.
චීනය යුද්ධය අවසන් කර යන්තම් වසර 4 ක් පමණක් ගතවෙද්දී ශී්‍රලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දැක්වීය.රුසියාව පෙන්වා දුන්නේ යුද්ධය අවසන් කර ගතවී ඇති වසර 4 ක කාලයේදී පශ්චාත් යුධ ප්‍රචණ්ඩ කි්‍රයා යැයි කිසිදු සිවිල් වැසියෙකුගේ ජීවිත හානියක් පිළිඹදව වාර්තා වී නොමැති බවයි.

