රටම හඬවා අවසන් ගමනේ


අරලගංවිල ඉසෙඩ් ඩී ඇළට වැටී මිය ගිය දස දෙනාගෙන් අවමඟුල සිය ගණනකගේ සෝ සුසුම් මැද දෙහිඅත්තකණ්ඩිය විජයපුර සොහොන් බිමේ දී අද (21) සවස සිදු විය.

අවුරුදු නෑ ගමන් ගොස් දියේ ගිලී මිය ගිය මෙම දස දෙනාගේ සිරුරු එකම වළක තැන්පත් කැරිණි.

මේ අතර කතරගම දෙටගමුව වැවට වෑන් රිය වැටීමෙන් මිය ගිය එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු අද මහයියාව පොදු සුසාන භූමියේ දී සිදු කැරිණි.

මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළහ.

(දෙහිඅත්තකණ්ඩිය විජිතපුර -  ඡායාරූප ජේ ඒ ජයකොඩි)

(මහනුවර මහයියාව - ඡායාරූප මොහොමඩ් ආසික්)