රටට සෙත්පතා පිඬුසිඟති


නව වසරට සෙත්පතා භික්ෂූන් වහන්සේලා සියක් නමක් අද (01) පෙරවරුවේ කඩවත නගරයේ පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ. කඩවත ව්‍යාපාරික සංගමය සංවිධානය කළ මෙම පින්කමට නාරංවල බෝධිරුක්ඛාරාමාධිපති, මහර ශාසනාරක්ෂක බළමණ්ඩලයේ සභාපති  ඌරුවල විනීත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය කඩවත නගරය මැදින් පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ.