රට සල්ලි ටිකට ගිය කලක්


ඔඩෙල් ඇඳුම් සාප්පු සංකීර්ණයේ චීන ජාතිකයකුගේ රුපියල් දෙලක්‍ෂ හත්දහස් දෙසිය පනහක් වටිනා විදේශීය මුදල් සොකරම් කළ බවට වරද පිළිගත් එම ආයතනයේ ආරක්‍ෂක නිලධාරිනියක රුපියල් දෙලක්‍ෂයක ඇප මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (26) නියෝග කළේය. වල්පොළ එස්.ඒ. කුමුදුණී එසේ ඇප ලැබුවාය. සංචාරක සමාගමක කළමණාකරුවකු ජින් ජැන්ක් නැමැති පැමිණිලිකරු කළ දැනුම්දීමකට අනුව විත්තිකාරිය පරීක්‍ෂා කිරීමේදී ඇගේ ජනනේන්ද්‍රිය පෙදෙසේ රට සල්ලි සඟවා තිබිණැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැන්වීය.