රට සල්ලි ගිණුම්වලට ඉඩ
මෙරට බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් පියවර ගන්නා බව ජනපති අයවැය ඉදිරිපත් කරමින් පැවසීය.
මේ සඳහා විදේශ ආයෝජන නීති බල නොපානු ඇත.
ඕනෑම විදේශ මුදලකින් යම් සීමාවකට යටත්ව බැංකු ගිණුම් පවත්වාගෙන යාමට ද බැංකුවලට ඉඩ කඩ ඇත.
විදේශ මුදල් ආකර්ෂණය කර ගැනීම සඳහා මේ පියවර ගැනේ.

