රට සල්ලි අරන් රට යන්න බැරිවේ


රුපියල් දෙකෝටි දස ලක්ෂයක් වටිනා රට සල්ලි තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන මෙරටින් පිටවීමට උත්සාහ කළ මාතර ව්‍යාපාරිකයෙක් රේගුව විසින් කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබීය. යුරෝ, සෞදි, ඔමාන් හා කටාර් රියාල්, ජෝර්දාන් හා බහරේන් ඩිනාර් ඔහු ළඟ තුබූ බව නියෝජ්‍ය රේගු අධිකාරි නිශාන්ත ජයසිංහ මහතා කියයි.