(සුජිත් හේවාජුලිගේ )
රට හෙට විවෘත කෙරුණද ජනතාව මූලික සෞඛ්‍ය නීති පහ ආරක්ෂා කරමින් දිගටම කටයුතු කිරීම වැදගත් බව කොවිඩ් සැර කොරෝනා වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් ජාන විශ්ලේෂණ පරීක්ෂණවල නියැළී සිටින ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
එසේ කටයුතු නොකළහොත් අවදානම් තත්වයන් ඉදිරියේදී යළිත් ඇතිවිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර කොරෝනා වසංගතයේ දරුණුම අවධිය අවසන් බව පැවසූ ජීවන්දර මහතා රට විවෘත කළ පසු එන්නත්කරණයට ඉතා කැපවීමෙන් යොමුවන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.
එන්නත් වර්ග තෝර තෝරා නොසිට ළඟම ඇති එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.
මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම, දැත් නිතර සේදීම සහ සංචරණ සීමා කිරීම ජනතාව අනුගමනය කළ යුතු එම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පහ බව පැවසූ චන්දිම ජීවන්දර මහතා එම ක්‍රමවේද අනුගමනය කිරීමෙන්කොරෝනා පැතිරීම පාලනය කරගත හැකි බවද සඳහන් කළේය.

