රට වැසූ දින විසිඑකට දුම්රියට - ලංගමට කෝටි 199ක පාඩුවක්


රට වැසූ දින විසි එකේදි දුම්රියට ලංගමට කෝටි 199ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ)

රට වසා තිබූ කාලයේදී (පසුගිය දින විසි එකේදි) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි 199ක පාඩුවක් ලබා ඇත.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය එම කාලයේදි ලැබූ පාඩුව රුපියල් කෝටි 165කි.

දුම්රිය දෙපාර්තමේන්තුව එම කාලසීමාවේදී රුපියල් කෝටි 31ක පාඩුවක් ලබා ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්තගේ මහතා පැවසීය.

නිරෝධායන කාලයේදී දුම්රිය ධාවනය නොවීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට සිදුවන පාඩුව රුපියල් කෝටි එක හමාරකි.