(වසන්ත චන්ද්‍රපාල)
අගමැති කාර්යාලයේ ලේකම්වරයෙකු බව පවසමින් විදේශ රටවල රැකියා දෙන බව පවසා මහජනතාව ගෙන් වංචනික ලෙස මුදල් ගත් පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාලයේ විමර්ශන නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම පුද්ගලයා විසින් රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් ප්‍රදේශයේ විශාල පිරිසක ගෙන් මුදල් ලබාගෙන ඇති අතර ඔහුගේ නමින් බැංකු කිපයක තැන්පත් කරන ලද රිසිට් පත් විශාල ප්‍රමාණයක්ද විමර්ශන නිළධාරින් විසින් සොයාගෙන ඇත.
පුද්ගලයින් දෙදෙනෙකු ජර්මන් යවන බවට පොරොන්දු වෙමින් ලක්ෂ 11 මුදලක් ලබාගෙන ඇති අතර ඔවුන් විසින් විදේශ සේවා නියුක්ති කර්යාංශයට පැමිණිලි කිරිමෙන් පසුව මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන බව සහ තවත් අය තමන් හඳුනන බව පවසමින් මුදල් ලබාගෙන ඇති බව විමර්ශන වලදි අනාවරණය කරගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගනු ලැබුවේ අම්පාර උහන වලගම්පුර ප්‍රදේශයේ පදිංචි විජේසිංහ මුදියන්සේලාගේ ප්‍රසාද් බණ්ඩාර නැමැති පුද්ගයෙකි.
විමර්ශන අංශයේ ස්ථානාධිපති වෙළගෙදර මහතාගේ උපදෙස් මත, නීති ක්‍රියාත්මක කිරිමේ නිළධාරී පොලිස් පරීක්ෂක එච්.එම්.කුමාරසිංහ, පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර, කාර්යාංශ නිලධාරී අමිල පෙරේරා, ප්‍රදීප් ඉන්දික විරතුංග ස්ථාන භාර නිළධාරී අම්පාර යන අය විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.