ඕස්ට්‍රේලියාව හා කැනඩාවට මිනිසුන් යවන බව කියා රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වංචා කළ බව කියන 40 හැවිරිදි කතක් හොරණ වංචා විමර්ශන අංශය විසින් මිනුවන්ගොඩදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. එම රටවලට යවන බව කියා මැලේසියා විසාවලින් මැලේසියාවට යවා එහිදී ඔවුන් අතරමං කළැයි කියන මේ කත ‘ලංකා හා වාසනා‘ යන නම් වලින් පෙනීසිට ඇති බව ද වැල්ලවත්ත, ත්‍රීකුණමලය, මිරිහාන, හොරණ මාතලේ ආදි පොලිස් රැසක ඇයට එරෙහිව පැමිණිලි 60ක් වඩා ඇතැයි පොලිසිය කියයි.