රට යන්න හැදූ තව පිරිසක් අත්අඩංගුවට
නීති විරෝධි අයුරින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 31 දෙනෙක් අද අලුයම මීගමුවට ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. රහස් පොලිසියට බාරදුන් මෙම පිරිස අතර සිංහල ජාතිකයන් 14 දෙනකු සිටින බව නාවික හමුදාව කියයි. සෙසු පිරිස දමිළ ජාතිකයන් බවත් ඔවුන් මීගමුව, යාපනය, වවුනියාව හා හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් නාවික හමුදාව පවසයි.

