රට යන අත බලන්න අප්‍රිකාවෙන් එයි


ආර්ථික සංවර්ධනයේ ප්‍රායෝගික අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් දකුණු අප්‍රිකාවේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී මහාචාර්ය හින්චි බුලිලේ මකිහීෂ් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩාමක් සමග අද කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියහ. පස් දිනක් ශ්‍රී ලංකාවේ ගතකරන ඔවුන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූ පිරිසක් සමග සාකච්ඡා කර ද්වීපාර්ශ්වික සබඳතා ඇතිකරගැනීමට සහ ලංකාවේ ආර්ථික සංවර්ධනය දැකබලාගැනීම සදහා යාමට ද නියමිතය.