(විජේරත්න රත්නායක)
මේ වන විට රට පත්ව ඇති අගාධයෙන් ගොඩගැනීමට පවතින දේශපාලන ක්‍රමය තුළ කිසිදා කළ නොහැකි බැවින් ඒ සඳහා පෙරමුණ ගැනීම උදෙසා රටට ආදරය කරන විද්වතුන් ඇතුළු දේශප්‍රේමීන් එකතු කරගෙන ජාතික විද්වත් සංවිධානයේ මූලිකත්වයෙන් ලබන 2019 වසර මුලදී නව දේශපාලන පෙරමුණක් බිහි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවනාගාරයේදී අද (18) දහවල් පැවැති රැස්වීමකදී විද්‍යාරත්න මහතා ඒ බව පැවැසීය.
ඔහු මෙසේ ද කීය. වත්මන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ගෙන් අඩක්ම සාමාන්‍ය පෙළවත් සමත් නොවූ අය. එවන් නූගත් පිරිසකට රට බාරදීමෙන් අද වන විට රට ඉතා දරුණු පරිහානියකට ලක්වෙලා. ඒ තත්වයෙන් රට ගොඩගැනීමට පාර්ලිමේන්තුවටත් පළාත් සභාවලටත් උගතුන් හා බුද්ධිමතුන් යැවිය යුතු බවත් සඳහන් කළේය.
රට බේරා ගන්න අලුත් පෙරමුණක් එනවා - සමන්ත විද්‍යාරත්න
Recommended Articles