රට නංවන පියවර රැසක් ගත්තා
මහින්ද රාජපක්ෂ ජනපති සිය අට වැනි අය වැය අද පස්වරු 12. 59 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇරඹීය.
කුරක්කන් සාටකය සහිත සුපුරුදු ජාතික අඳුමෙන් සැරසි පැමීණි ජනාධිපති අයවැය ලේඛණය ද රැගෙන පාර්ලිමේන්තුවට පිවිසියේ කතානායක චමල් රාජපක්ෂ මහතා එහි පැමිණ මිනිත්තුවකට පසුවය.
ඉහළ ගිය උද්ධමනය, විරැකියාව, තෙල්මිල, ස්වභාවික ව්‍යසන මැද්දේ ගෝලීය ආර්ථිකයේ පසුබෑමට ලක්ව සිටින ශ්‍රී ලංකාව ආපස්සට හරවා යළි සංවර්ධන මාවතට යොමු කිරීමට රජයට හැකි වූ බව ජනපති කීවේය.
අධිවේගී මාර්ග ඉදිකිරීම ඇතුළු නගර, ගම් සංවර්ධනය කර යටිතල පහසුකම් වැඩිකර උද්ධමනය, විරැකියාව පහත හෙලා නීතිය හා සාමය තහවුරු කර පස් අවුරුදු සැලැස්මකට මුල් ගල් තබා, ඒකපුද්ගල ආදායම ඉහළ දැමීමේ වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යන බව ද ජනපති කීවේය.

