රට ගමන් බලපත් එකතු කරලා
අන්සතු විදේශ ගමන් බලපත‍්‍ර භාවිතා කර ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍ර සාදා පුද්ගලයන් විදේශගත කරන බව කියන සිද්ධියක සැකකරුවන් තිදෙනකු ලබන 30 වැනි දින තෙක් රිමාන්ඞ් භාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (19) නියෝග කළේය.
නුවන් තුෂාර ඩයස්, ජූඞ් ප‍්‍රනාන්දු හා නන්දන ලාල් ජයන්ත රිමාන්ඞ් කෙරිණි.
කුරුණෑගල පදිංචිකරුවකුවන චානක මධුසංඛගේ පැමිණිල්ලක් අනුව ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍ර තොගයක් සමග මොවුහු කුරුණෑගලදී අත්අඩංගුවට ගනු ලැබූහ.

