රට කතගේ බඩු හොරාගත් කතට දඬුවම්
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සතු අයිපෑඩ් දෙකක් රන් ආභරණ, මුදල් ඇතුළු රුපියල් ලක්ෂ දෙකකට අධික දෑ හොරකම් කළ බවට අධිකරණයේ දී වරද පිළිගත් මොහොමඩ් පරීනා නම් කාන්තාවකට එම බඩු ආපසු දෙන ලෙසත් රුපියල් විසිදහසක වන්දියක් ගෙවන ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (7) නියෝග කෙළේය. රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන අලෙක්සැන්ඩ්‍රා නිකොල් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තවක කළ පැමිණිල්ක් අනුව පොලිසිය, ඇගේ නිවසේ මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය. පෙර වැරදි ඇද්දැයි වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස් ඇඟිලි සලකුණ අංශයට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා දඬුවම් කිරීම පසුවට කල් තැබිණි.

