රජරට සිසුහු නගරයටත් එති


රජරට විශ්ව විද්‍යාල පාලකයින් අසාධාරණ ලෙස සිසුන් මර්දනය කරමින්  සිසුනට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමේ වැඩපිළිවෙළක් රජය හා එක්ව ගෙන යතියි එහි සිසුහු අනුරාධපුර නගරයේ අද සවස උද්ඝෝෂණයක් කළහ.

සිසුන් පාරේ රැස්වීමක් පවත්වද්දී කැරැලි මර්දන පොලීසිය එහි පැමිණියේය.දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

සිසුන්ගේ ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කළ වාහනයක් අත්අඩංගුවට ගැනීම සහා පොලීසිය එම වාහනය ලුහු බැන්දේය .ඒ සමග උද්ඝෝෂණය අවසන් විය.