රජරට සිසුන්ට සමාව


රජරට සරසවියේ පන්ති තහනම් කැරුණු හා විනය කැඩූ සියලු සිසුන්ට සමාව දීමටත්, ලබන සඳුදා (04) සරසවිය විවෘත කිරීමටත් එහි පාලක සභාව අද තීරණය කළේය.

සිසුහු 27 දෙනෙක් පමණ සමාව ලබති.

උපකුලපති ඇතුළු ආචාර්යවරුන් දවසක් හිරකරගෙන සිටීමෙන් පසුව පසුගිය දෙවැනි දා සිට සරසවිය වසා දැමිණි.

වසා නොදැමුණේ වෛද්‍ය පීඨය පමණි.