රජරට ශිෂ්ඨාචාරයට වතුර හරස්වේද ?


මොහෙන්දොජාරෝ  සහ හරප්පා  ශිෂ්ඨාචාර  විනාශ වුයේ  ජලයේ වෙනස හේතුවෙන්  භූමියේ රසායනික සංයුතිය  වෙනස්වීම නිසා යැයි ද කෘෂි රසායන හේතුව  හා ජල මුලාශ්‍ර  විපර්යාස වලට ලක් වීම පිළිබඳව  රජරට පුරා විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීය යුතුව ඇතැයිද   මධ්‍යම සංස්කෘතික අරමුදලේ  හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයකු වන  පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ  මහාචාර්ය සුදර්ශන සෙනවිරත්න  මහතා පවසයි. ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයයේ දී ‘පුරා විද්‍යා හා උරුම  කළමණාකරණය වාර්ෂික  වාර්ෂික පර්යේෂණ සැසිය2013‘ අමතමින්  මහාචාර්යවරයා  මේ බව කීය.

ආදී වාසී ජනාවාස පැවැති  කණ්ඩලම ප්‍රදේශයේත් පොස්පේට් නිධිය වරෙක  සමාගම්කරණය වීම  නිසා එප්පාවල ප්‍රදේශයේත් ජල පද්ධතිය වෙනස්කම්වලට ගොදුරු  වු බැවින්  ඒ පිළිබඳව වහා පර්යේෂණ පැවැත්විය යුතු බව  ඔහු අවධාරණය කළේය.

‘එප්පාවල හා කණ්ඩලමත්  යෝධ ඇළ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

වකුගඩු උරුමය හා කරුමයට  ඒ ජල සාධකයත් භූමීයේ සිදුවන රසායනික සංයුතියේ වෙනස්කම් බලපෑ හැකියි.’

ජලය පැවැති ස්ථානයක ජලය නොමැති වු විටෙක රසායන ඇතිවන බව  පැරැණි ශිෂ්ඨාචාරවලින් පැහැදිලියි.මාසයකට ජීවීත හාරසීයක්  නැතහොත් දිනකට  දිනකට ජීවීත 13 නැති වන හේතුව  කෘෂි රසායන මිශ්‍ර වීමද යන්න මගින් තේරුම් ගත හැකියි ’.

රජරට විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා හා  උරුම කළමනාකරණ අධ්‍යාපන අංශය මෙම සැසිය සංවිධානය කළේ  විශ්ව විද්‍යාලයක  පැවැත්වෙන ප්‍රථම  පුරා විද්‍යා ජාතික පර්යේෂණ සමුළුවක් ලෙසිනි.