රජරට රැජින අතරමග නතර වෙයි


(උපාලි ආනන්ද)

කොළඹ කොටුවෙන් අද දහවල් 1.45 ට ඇරැඹු  රජරට රැජින සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතරදී  නතර වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පස්වරු 6.45 ට පමණ මෙය සිදු වී තිබේ.

මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මුළුමනින්ම අඩාල වී ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. දුම්රියේ පැමිණි මගීන්  අනුරාධපුර පාදෙණිය මාර්ගයේ බස් රථ වලින් පිටත් කර හැරීමටද කටයුතු කරමින් සිටී.