රජරට රැජන රෑ අටටත් ගල්ගමුවේ


රාත්‍රී හතට අනුරාධපුරයට ලඟාවීමට නියමිතව තිබූ රජරට රැජන දුම්රිය මේ දක්වාම ගල්ගමුව දුම්රිය ස්ථානයේ නවතා ඇත. කලින් ගිය දුම්රියක් ඇදගෙන ඒමට මෙහි එන්ජිම පිටත්කැර යැවීම ඊට හේතුව බව ගල්ගමුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් දුම්රිය මගීන්ට පවසා තිබේ. දුම්රිය නවතා ඇත්තේ දුම්රිය වේදිකාවක් නොමැති මැද පිහිටි මාර්ගයක බැවින් එහි සිටින කාන්තාවන්ට සහ දරුවන්ට දුම්රියෙන් බැස යාමට ද හැකියාවක් නැත. දුම්රියේ විදුලිය ද නොමැති බැවින් මගීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිති.