රජරට දුම්රිය කුරුණෑගලින් නවතී
කුරුණෑගල හා වැල්ලව අතර කදිරවලානේ දුම්රිය මාර්ගය ගංවතුරට යටවීම නිසා කුරුණෑගලින් එහාටත් ගනේවත්තේ මෙහාටත් දුම්රිය ධාවන නොවන බව දුම්රිය පාලන මැදිරිය කියයි. ගංවතුර නිසා රේල් පාර දෙපස සේදීගොස් ඇතැයි සැකකරයි. පැය ගණනක් තිස්සේ දුම්රිය කිහිපයක් ගනේවත්තේ නතර කර ඇති බවත් මගීන් දහස් ගණනක් අතරමංවී සිටින බවත් වාර්තාවෙයි.

