රජරට ගොවියෝ වීදි බසිති


බැංකු වලින් ගත් වගා ණය කපා හැරීම, නියං සහනාධාර ලබා දීම, බිත්තර වී ලබාදීම සහ වගාහානි සඳහා වන්දියක් දෙන ලෙස ඉල්ලමින් ගොවි සංවිධාන 22 ක ගොවීහු පන්දාහක් තඹුත්තේගම නගරයේදී උද්ඝෝෂණයක් කළහ. පෙළපාළි ද ගියහ. මේ නිසා අනුරාධපුර කුරුණෑගල පාර අවහිර විය.