රජරට විශ්ව විද්‍යාලයයේ සිව් වැනි වසරේ සිසුන් පිරිසකට පහර දුන්නැයි එහි දෙවැනි හා තෙවැනි වසරේ සිසුන් 13 දෙනකුගේ පන්ති තහනම් කැර ඇත.
කලමනාකරණ පීඨයේ සිසුන් 12 දෙනකුගේත් ව්‍යවහාරික පීඨයේ සිසුවකුගේත් සති පහකට පන්ති තහනම් කළ බව උපකුලපති මහාචාර්ය රංජිත් සිරිවර්ධන කියයි.
පසුගිය 29 වැනි දා අලුයම දුටුගැමුණු නේවාසිකාගාරයට කඩා වැදී සිසුන්ට පහර දීමෙන් අට දෙනකු රෝහල් ගත කළ බව ද උපකුලපති පවසයි.

