රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මුල්පුටුව වෛද්‍ය පාදෙණියට


(රංජන් කස්තුරි)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහසභාව ඊයේ (24) කොළඹ එම සංගම් මූලස්ථානයේදී පැවැති අතර එහිදී නව නිලධාරි මණ්ඩලය නිතරගයෙන් පත්විණ.


2017/2018 වසරේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා පත්විය.


නව නිලධාරි මණ්ඩලය

සභාපති - විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා
ලේකම් - වෛද්‍ය හරිත අලුත්ගේ මහතා
සංස්කාරක සහ මාධ්‍ය ප්‍රකාශක - වෛද්‍ය සමන්ත ආනන්ද මහතා
උපලේකම්වරු -
වෛද්‍ය නලින්ද හේරත්, වෛද්‍ය නවීන් ද සොයිසා, වෛද්‍ය චන්දන ධර්මරත්න, වෛද්‍ය කාංචන බුලංකුලම යන මහත්වරු

උපසභාපතිවරු -
විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර සහ විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් යන මහත්වරු

භාණ්ඩාගාරික - වෛද්‍ය නාත් විජේසූරිය මහතා
සහකාර සංස්කාරක - වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා