රජයේ රොහල්වල වැඩවරන වෛද්‍යවරු පුද්ගලික රෝහල්වල වැඩ කරති


(ඔගස්ටින් ප‍්‍රනාන්දු)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ දිනවල රජයේ රෝහල්වල වැඩ වර්ජනයක් දියත් කර ඇතත් එම වෛද්‍යවරුන් හලාවත නගරයේ පිහිටි පෞද්ගලික රෝහල්වල සුපුරුදු ලෙසින් චැනල් සේවයේ යෙදුන ආකාරය අද (23) දැක ගත හැකි විය.

සයිටම් ආයතනයට එරෙහි විරෝධතාව අතරතුර දි සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදුණු විශ්ව විද්‍යාල සිසුන් ඉවත්කිරීමට පොලිසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින්  මෙම වැඩ වර්ජනය සිදු වෙයි.

මෙම වර්ජනය හේතුවෙන් හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලේ වෛද්‍යවරු බාහිර රෝගින්ට ප‍්‍රතිකාර නොකළහ.

මේ අතර හලාවත නගරයේ පවත්වා ගෙන යන සියලුම පෞද්ගලික රෝහල්වලට පැමිණෙන ඕනම රෝගියකුට අද දවස පුරා ප්‍රතිකාර ලබා දුන් අයුරු දැක ගත හැකි විය.