(එෆ්.අස්ලම්)
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය ලබාදෙන පිළිතුර සැළකිල්ලට ගෙන ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සලකා බලන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
2015 වසරේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේම අනුග්‍රහය සහ සම අනුග්‍රහය මත සම්මත කරගත් යෝජනාවෙන් මිදීමට ශ්‍රීලංකා රජයට නොහැකි බව දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සදහන් කළේය.
ලබන පෙබරවාරී මස අවසානයේ ආරම්බ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය හා ශ්‍රීලංකාව සම්බන්ධයෙන් 2015 වසරේදී සම්මත කරගත් යෝජනාව පිළිබද දමිළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව අවධාරණය කළහ.
වැඩිදුරටත් අදහස් දක්වන එම්.ඒ සුමන්තිරන් මහතා මෙසේද කීය.
ලබන පෙබරවාරි මස අවසානයේ ආරම්බ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රීලංකා රජය කියන කාරණාවන් බලල අපි අපේ මීලග ක්‍රියාමාර්ග පිළිබද තීරණය කරනවා.2015 වසරේ දී සම්මත වූ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා රජය සම අනුග්‍රහාය දක්වා පොරොන්දු වී තිබෙනවා.යුද අපරාධ මානව හිමිකම් කඩවීම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් වගවීම ගෙන රජයට එම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් බැහැර වීමට හෝ මිදීමට නොහැකියි.
පැවති යහපාලන ආණ්ඩු සමයේ එක්සත් ජාතික පෙරමුණට ජනතා සහාය ලබාදීම තුළින් යහපත් කාර්යන් රැසක් සිදුවුනා.උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම් ආදී කාර්යන් ඒ රජය විසින් සිදුකළා.නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහාය සතුටුදායක විදිහට සිදුවුනේ නැහැ.ඊට හේතුව එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විතරක් නෙවෙයි අතුරුදහන් වූවන් සම්බන්ධයෙනුත් අපි රජයෙන් තවමත් ප්‍රශ්න කරමින් සිටිනවා.
යුද්ධය අවසන් වූ අවස්ථාවේදී ආරක්ෂක හමුදාවට බාරවූ බොහෝ අය තවමත් අතුරුදහන්.ඒ අයට සිදුවූයේ කුමක්ද කියන එක විශාල ප්‍රශ්නයක්.යුද්ධය පැවති අවස්ථාවේදී මියගියපු අය ඉන්න පුළුවන්.ඒ වගේම රටෙන් පැනගත්ත අයත් ඉන්න පුළුවන්.නමුත් අතුරුදහන් වූවන් ගැන ඔවුන්ට සැබැවින්ම සිදුවූයේ කුමක්ද වග සොයාගත යුතුයි.මේ සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීමක් මත සාධාරණ විමර්ශනයක් සිදුවිය යුතුයි.එවිටයි ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ.යැයිද කීය.

