රජයේ ඉඩම් මහ ආණ්ඩුවටයි


රජයේ ඉඩම්වල පූර්ණ බලතල මධ්‍යම ආණ්ඩුව සතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒකමතිකව තීරණය කළේය.

රජයේ ඉඩම් සංශෝධනයේ ව්‍යවස්ථාපිත රෙගුලාසි යටතේ ලැබී ඇති සීමිත බලතල කිහිපයක් පමණක් පළාත් සභා සතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ ථීණය කරනු ලැබුවේ රජයේ ඉඩම් සම්බන්ධ කරනුවලදී පළාත්බද මහාධිකරණයට තීරණ ගත හැකි බවට අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවකට එරෙහිව ඇපෑලක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

රාගල වතුයායේ වතු අධිකාරීවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ වැවිලි උපදේශක එස් සී කේ ද අල්විස් මහතා සහ නීතිපතිවරයා විනිස් ගොනු කර තිබූ මෙම ඇපෑලහි පෙත්සම්කාර වගඋත්තරකරු වශයෙන් රාගල සමාෆෝර්ස් වතුයායේ සෙල්ලමුත්තු රාසු මහතා නම් කර ඇත.

මේ පිළිබඳ අගවිනිසුරු මොහාන් පීරිස්, කේ ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර මහත්ම මහත්මීගේ එකඟත්වයෙන් වෙන වෙනම නඩු තීන්දු තුනක් ප්‍රකාශයට පත් කර ඇත.

විනිසුරුවරුන් තිදෙනා  ඒකමතිකව අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කර ඇතත් අදාළ ප්‍රස්තුත පිළිබඳ එකිනෙකට වෙනස් දෘෂ්ඨිකෝනවලින් විග්‍රහ කර තිබේ.