රජයට නොයන බව ෆොන්සේකා කියයි


තමා රජයට එක් නොවන බවත් රජයට එක් වෙතියි අසත්‍ය ප්‍රචාර ගෙන යනුයේ තම ගමන අඩාල කිරීමට බවත් හිටපු යුද හමුදාපති සරත් ‍ෆොන්සේකා  මිහින්තලේ රජමහා විහාරයේ දී පැවැසීය. එම ප්‍රචාර ගෙන යන අය අතර රජයේ හා විපක්ෂයේ පිරිස් සිටින බව තම අදහස යැයි ඔහු කීවේය. ඇමැති ආරක්ෂක අංශයේ 15 දෙනකු තම ආරක්ෂාවට දී ඇත්තේ තමා නිදහස් කැර ගැනීමට ක්‍රියා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ ඉල්ලීමක් අනුව බව ද ඔහු පැවැසීය.  යුද්ධය අවසන් කළ තමාගේ ආරක්ෂාවට 15 දෙනකු නොසෑහෙන බව ඔහු කීය. මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.