රජය පරාජය කරන බව ෆොන්සේකා කියයි


මහින්ද රාජපක්ෂ ජනපතිගේ දූෂිත රජය පරාජය කරන බව පවසමින් හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී අද ඔහුගේ ප‍්‍රථම පුවත්පත් සාකච්ඡාව පැවැත්වීය. ජනපතිට  එරෙහිව විපක්ෂ දේශපාලන පක්ෂ එක් විය යුතු යැයිද ජනපතිගේ සහෝදරයන් තිදෙනා හා පුතා රජය පාලනය කරතියිදි ඔහු කීවේය. ”නායකත්ව සටන නිසා විපක්ෂය දුර්වල වී තිබෙනවා. මෙම දූෂිත දේශපාලන සදාචාරය වෙනස් කිරීමට කැමැති පක්ෂ සමග මාගේ පක්ෂය අත්වැල් බැඳ ගන්නවා. නායකයා කවුදැයි ජනතාව තීරණය කරාවි. ඊළඟ මහා මැතිවරණයේදී මේ දූෂිත රජය පෙරළා දැමිය යුතුයි. ඒ සඳහා කෙටි මාර්ග නැහැ. හමුදා කුමන්ත‍්‍රණත් නැහැ”යි ෆොන්සේකා කීවේය. හමුදාවට එරෙහිව අන්තර්ජාතික වශයෙන් නඟන චෝදනා ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ මගේ හමුදාවේ නම පිරිසුදු කර ගැනීම සඳහා මම  ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට දැන් වුණත් සූදානම් බව කියමිනි. අන්තර්ජාතික ප‍්‍රජාව මා සමගයි රජය මට දැක්වූ සැලකිල්ල ඔවුන් කවදාවත් අනුමත කරන්නේ නැහැ.”ඡායාරූප ඒ.එෆ්.පීඡායාරූප ඒ.එෆ්.පී