(සුජිත් හේවාජූලිගේ)
රජය විසින් මෑතකදී පත්කරන ලද තවත් ප‍්‍රධානීන් තිදෙනෙකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය වශයෙන් පත්කෙරුණු බී.ජී.එස්. ගුණතිලක, පාකිස්ථාන් ශ‍්‍රී ලංකා මහ කොමසාරිවරයා ලෙස පත්කෙරුණු නුර්ධීස් මොහොමඩ් ෂහීඩ් හා ඇල්කඩුව ප්ලාස්ටේෂන් ලිමිටඩ්හි සභාපති වශයෙන් පත්කෙරුණු නාලක යන මහත්ම මහත්මීන්ගේ සුදුසුකම් මෙසේ පරීක්ෂා කර බැලෙන බව පාර්ලිමේන්තු ප‍්‍රකාශකයෙක් පැවසීය.
මේ නිලධාරීන්ගේ පත්කිරීම් සම්බන්ධයෙන් යම් පුද්ගලයකුට හෝ සංවිධානයකට විරුද්ධත්වයක් ඇත්නම් ඒ විරෝධතා ලබන 31 වැනි දා ට පෙර පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට යොමු කරන්නැයි ඒ කාරක සභාව ඉල්ලීමක් කරයි.

