ඇමරිකා තානාපති මිචෙල් ජේ සිසන් අම්පාර ඓතිහාසික රජගලතැන්න පුජා භූමියට පැමිණියාය.
ඇමරිකා රජය විසින් රජගලතැන්න පුජා භූමිය සංවර්ධනය කිරීම සදහා ඇමරීකා ඩොලර් ලක්ෂයක් (රුපියල් කෝටි 13100000 ) ලබා දෙන අතර දැනට රජගලතැන්න පුදබිමෙි කෙරෙන කටයුතු සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ විය.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්‍ය එන්.එල්.පී කරුණාරත්න මහතා විසින් ඇය පිළිගත්තේය.
පසුව රජගලතැන්න කැණිමි කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව රජගලතැන්න කන්ද තරණය කරමින් එහි ඓතිහාසික ස්ථාන නැරඹු මිචෙල් මහත්මිය පැය 05 ක කාලයක් රජගලතැන්න කන්දේ ගත කළාය.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා අධ්‍යන අංශයේ මහාචාර්‍ය පි.බි මණ්ඩාවල මහාචාර්‍ය පත්මසිරි රත්නායක යන මහත්වරුද මෙම අවස්වට එක් වුහ.

