රජ රටට පමාවී වැසි ලැබේ.
රජරට නියඟය නිමා කරමින් අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට වැසි ලැබී ඇත. අද අළුයම වනවිට පොලොන්නරුවට මිලි ලීටර 35 ඉක්මවූ වර්ෂාපතනයක් ද අනුරාධපුර නගරය ආශ්‍රිත ප්‍රෙද්ශයට මිලිමීටර 18 ඉක්මවූ වර්ෂාපතනයක් ද ලැබී තිබේ. වව්නියාවට මිලිලීට 22 ක් හා මහඉලුප්පල්ලමට මිලි ලීටර 15ක් ඉක්මවූ වැස්සක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බක් මහෙන් පසු රජරටට වැසි ලැබුණේ නැත.

