රග්බි තරගයේදී ශී‍්‍ර ලංකාව ජපානයට පරදී


බෝර්නියෝ දූපත් සමූහයේදී පැවැත්වෙන එච්. එස්. බී. සී. කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලකුණු 34 - 07 කින් පරාජය කිරීමට ජපානය අද (1 වනිදා) සමත් විය. ජපාන කණ්ඩායම ගෝල දිනුම් 2 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු ලබාගත් අතර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් චාමර දාබරේ ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පරිවර්තනය කරන ලදි. තරගයේ පළමු අර්ධය නිමා වෙද්දී ජපානය ලකුණු 12 -07 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.