රක්ෂිතයේ ගස් කොළඹට


කැකිරාව මඩාටුගම මුරුංගා හිටි කන්ද රක්ෂිතයේ කැලෑ ගස් දෙදහසක් පමණ ගස් පිටින් උගුල්ලා කොළඹට රැගෙන යතියි ගැමියෝ කියති.

දැනටම ගස් 2500ක් පමණ රැගෙන ගිය වළවල් රක්ෂිතයේ ඇත.

ඉහළ පෙලේ දේශපාලනඥයන්ගේ නම් යොදා ගනිමින් මේ ගස් ගෙන යන බවත්, කටු පදුරු සහිත ගස්, බොල්පනා, ඇහැළ, කළුවර, බුරුත ආදී ගස්වල මුල ආසන්නයේ පස් ඉවත්කර කොහුබත් හා පස් මිශ්‍රනයක් සහිතව එම ගස් ගෙන යෑමට සූදානම් කර ඇත.

රක්ෂිත මායිමේ නිවසක් අසළ එම ගස් රැසක් තබා ඇත.

කැකිරාව වන සංරක්ෂණ කාර්යාලයේ බීට්ටුවන නිලධාරී බී රන්දෙනිය මහතා පැවසුවේ එම ගස් පෞද්ගලික ඉඩමකින් ගලවන බවයි.

එහෙත් රක්ෂිතය ඇතුළෙන් ගස් ගලවා පෞද්ගලික ඉඩමක් අසලට ගෙන එතියි ගැමියෝ කියති.