රක්ෂණ වන්දි පැමිණිල්ල අතේ පත්තුවේ


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම හා වැලිපැන්න අතර අද අලුයම 3.55 ට වෑන් රියක් අනතුරට පත් වී යැයි  රියදුරකු කළ පැමිණිල්ල  අසත්‍යයක් බව පොලීසිය කියයි.

රක්ෂණ වන්දි ගැනීමේ අරමුණින්  බොරු පැමිණිල්ලක් කළාදැයි සෙවීමට රියදුරා සහ වෑන් රථය අත්අඩංගුවට ගත් පොලීසිය රක්ෂණ සමාගමට ද මෙය දැනුම් දුන්නේය.