රක්වානේ තරුණයෙක්ගෙන් කාබනික පොහොර නිෂ්පාදනය පහසු කරන්න යන්ත්‍රයක්


ඩබ්ලිව්.ඒ.සිරිසේන

රජය මගින් කාබනික පොහොර නිෂ්පාදන කටයුතු පහසු කිරිම සදහා අවශ්‍ය වන ඇඹරුමි යන්ත්‍රයක් නිපදවිමට රක්වාන ප්‍රදේශයේ තරුණයෙක් සමත් විය.  

රක්වාන නගරයේ ලියවන පටිටලයක් පවත්වාගෙන යන මෙම තරුණයා නමින් ඇන්තනි වික්ටර් කුමාර වෙි.

තමන් විසින් නිපදවූ ඇඹරුමි යන්ත්‍රය පිළිබඳ අප සමඟ කියා සිටියේ මෙිවැන්නකි.

අප ප්‍රදේශයේ විශාල වශයෙන් තේ වගාව මෙන්ම වි,ළුළවළු වගාවන්වල නියළෙන ගොවින් පිරිසක් සිටිනවා. නිතරම වගේ එම අයගේ විමසිමකළා කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුදව්‍ය සකසා ගැනිමෙිදි පහසු වන ආකාරයට යන්ත්‍රයක් අවශ්‍ය බව .ඉතින් මම කල්පනා කළා උපකරණයක් සකස් කිරිමට ඒ අනුව තමයි මට මෙිවැනි ඇඹරුමි යන්ත්‍රයක් නිපදවිමට හැකියාව ලැබුණා

අදාළ ඇඹරුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වැඩිදුරටත් ඔහු පැවසුයේ මෙි මගින් පොල්අතු,පොල්පිති සහ දැඩි ඝණ ශාක කොටස් පවා යන්ත්‍රය මගින් ඉතා කුඩා කැබලි බවට පත්වන බවයි.

දිනකට විශාල ශාක කොටස් ප්‍රමාණයක් ඉතාමත්ම කුඩාවට සකසා ගැනිමට තරමි හැකියාවක් යන්ත්‍රයට හැකි බවයි.

තමා නිපදවු යන්ත්‍රයේ ක්‍රියාකාත්වය පිළිබද ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරින් පවා පරික්ෂා කර අැති අතර රක්වාන ප්‍රාදේශිය සංවර්ධන බැංකුව මගින් තමාට අතහිත ලබා දෙන බවත් ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලා වලින් පවා මෙම යන්ත්‍රයට ඉල්ලුමක් පවතින බවද ඔහු පැවසිය.