රක්වානෙන් රතු කැට නිල් කැට මතුවේ


රක්වානේ මාදම්පහ හන්දිය සංවර්ධනය සඳහා කඳු කපද්දී ස්ථාන දෙකකින් මැණික් ඉල්ලම් මතු වී ඇතැයි ගැමියෝ කියති. රජවත්තෙ කෝපි කෑල්ලේ ද ඉල්ලමක් මතු වී ඇත. රතු කැට, නිල්කැට හා පුෂ්පරාග මෙම ඉල්ලම්වල ඇතැයි ද රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ හත දක්වා මැණික් සොයාගත් අය සිටිතී ද ගැමියෝ කියති. ඉල්ලම් පස් රථවල පුරවාගෙන යෑමට ලොකු පොරයක් පවති.