රංජිත් මද්දුම බණ්ඩාර එ.ජා.ප නව සන්ධාන මහලේකම් ධුරයට


( රන්ජන් කස්තුරි )
 
එක්සත්ජාතික පක්ෂය ප්‍රමුඛ  නව සන්ධානයේ  මහලේකම්වරයා ලෙස මොනරාගල  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද ( 05) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අතර රංජිත් මද්දුම බණ්ඩාර මහතා  මහලේකම් ධූරයට පත් කළ යුතු බවට විපක්ෂ නායක    සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවකට පාර්ලිමේන්තු කණ්ඩායමේ අනුමැතිය ලැබී ඇත.