රංජන්ගෙන් මෝසමක්


(නිමන්ති රණසිංහ)

 

තම නිවසින් අත්අඩංගුවට ගත් තැටිවල තිබූ හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන් අගතියට පත්ව ඇතැයි සඳහන් කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ.පැල්පොල මහතා ඉදිරියේ අද (8) මෝසමක් ගොනු කර ඇත.

එහිදී මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරිම සඳහා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නොතීසි නිකුත් කර තිබේ.