රංගේ බණ්ඩාරගේ නඩුව කල්යයි


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
සුඛෝපභෝගි මෝටර් රථයක් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්‍ෂ 54ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වාරීමාර්ග රාජ්‍ය අමාත්‍ය  පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව පවරා ඇති නඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සළකා බලන ලෙස ඔහුගේ නීතීඥවරු නීතීපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා හමුවේ අද (5) ප්‍රකාශ කළේය.
2002 මාර්තු මස 22වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාදිවෙලදී සුඛෝපභෝගි මෝටර් රථයක් වසර පහක කාලයකින් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්‍ෂ 54ක මුදලක් දිනේෂ් රත්නායක නමැත්තාගෙන් ලබාගෙන පොරොන්දු වු පරිදි මෝටර් රථය පවරා නොදී එම  මුදල සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කරන ලදැයි විත්තිකරුට  එරෙහිව  නීතීපතිවරයා  විසින්  චෝදනා  නඟා  ඇත.
රංගේ බණ්ඩාර මහතාගේ නීතීඥවරුන් විසින් ඉදිරිපත් කොට ඇති එම ඉල්ලීම පිළිබඳව සළකා බැලීම සදහා තවදුරටත් කාලය අවශ්‍ය යැයි කී ඩිලාන් රත්නායක මහතා එහෙයින් මෙම නඩුව වෙනත් දිනයක කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා  නඩුව ලබන අගොස්තු  9 වැනිදා කැඳවීමට නියම කළේය.