යෝෂිතට ඉතාලි යන්න අවසර


(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාට පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට යෑමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (25) අවසර  ලබා දුන්නේය.

සති දෙකක කාලයක් සඳහා  ඉතාලියට  යෑමට  අවසර  දුන් විනිසුරුවරයා මේ පිළිබඳව කඩුවෙල මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දෙන ලෙසත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය බාරව ඇති ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසත් නියෝග කළේය.