යෝධ දැල්පන්දුවට අස්සන් ගන්නට රට පුරා චාරිකාවක්


කොළඹ දී ලබන අගෝස්තු 25 වැනිදා ආරම්භ වන අට වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියට සුභපතන්නන්ගෙන් අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරශ‍්‍රය අසලින් ආරම්භ විය. දේශීය දැල්පන්දු ක‍්‍රීඩාව සඳහා ඉදිරි වසර පහක් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටින මහජන බැංකුවේ අනුග‍්‍රහයෙන් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරෙන අතර මේ සඳහා දැවැන්ත දැල්පන්දුවක් සවිකළ රථයක් රට පුරා චාරිකා කිරීම දැන් ආරම්භ කර තිබේ. කොටුව මහජන බැංකු මූල්‍යායතනය අසල දී මෙම අත්සන් තැබීම සිදු කෙරිණි. මෙම වැඩසටහන ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එදින ආරම්භ වූ අතර එම අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අයතනික බැංකු කටයුතු) චාන්දනී වේරපිටිය, නියෝජ්‍ය සාමන්‍යාධිකාරී (මෙහෙයුම්-1) ඊ.ඊ.සී. ආරියරත්න, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකා ගයත‍්‍රි ලංකාතිලක යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට සහභාගි වූහ. මහජන බැංකුවේ වනිතා වාසනා ගිණුමේ අනුග‍්‍රහයෙන් ආසියානු දැල්පන්දු ශූරතාවලිය කොළඹ දී පැවැත්වේ. මහජන බැංකුවේ අලෙවිකරණ හා මහජන කටයුතු ප‍්‍රධානී දීපාල් අබේසේකර මහතා මෙම යෝධ දැල්පන්දුවට සිය අත්සන තැබූ අයුරු. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් එස්.ඒ.ආර්.එස්. පෙරේරා මහතා ද මෙහි වෙයි.