යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් හෙට ඕස්ටේ‍්‍රලියාවේදී ඇරඹේ


අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ‘යොවුන් ලෝක කුසලාන 2012’ හෙට (11)  ඕස්ටේ‍්‍රලියාවේදී ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් තරග හතරක් අද ටවුන්ස්විල්, බි‍්‍රස්බේන් සහ සන්සයින් කෝස්ට් යන නගරවලදී පැවැත්වේ. සනිත ද මෙල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශයට එරෙහිව බි‍්‍රස්බේන්හිදී හෙට පළමු තරගයට සහභාගි වීමට නියමිතය.