(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ හයක නියෝජිතයෝ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට පෙනී සිටිති.
එම කාරක සභාව හමුවේ හෙට පෙනී සිටින අනෙකුත් දේශපාලන පක්ෂ වන්නේ මහජන එක්සත් පෙරමුණ ඊපීඩීපී පක්ෂය මුස්ලිම් කොංග්‍රසය, මුස්ලිම් ජාතික සන්ධානය සහ දේශවිමුක්ති ජනතා පක්ෂයයි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට පෙරවරුවේ රැස්වීමට නියමිතය .

