යුරෝපා කොමිසමේ දූත පිරිසක් 27 ලංකාවට


(තිළිණි ද සිල්වා)

ඇගලුම් නිෂ්පාදන, ඇතුළු නිෂ්පාදන කිහිපයක් අපනයනය කිරීම සදහා යුරෝපා සංගමය මෙරටට ලබා දෙන ජී.එස්.පී ප්ල්ස් සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා යුරෝපා සංගම්  නියෝජිත කණ්ඩායමක් දින 10 ක නිල සංචාරයක් සදහා  ලබන 27 වැනිදා දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹග් මහතා පැවසීය.

යුරෝපා සංගමයට අයත් යුරෝපා කොමිසමේ නියෝජිත පීරිසක් මෙලෙස ලංකාවට පැමිණෙන අතර ලබන ඔක්තෝබර් 04 වැනිදා තෙක් ඔවූහු දිවයිනේ රැදී සිටිති.

එම කාලය තුළ මෙම යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම රජයේ ප්‍රධානීන් , පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන හමුවීම රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

ඔවුන්මෙම සංචාරයෙන් පසුව  ලංකාවට තවදුරටත් ජී.එස්.පී ප්ලස් බදු සහන ලබා දීම සම්බන්ධයෙන් වාර්තාවක්  යුරෝපා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මානව හිමිකම් පිළිබඳ විවිධ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට එකඟ වීමෙන් පසු ඉකුත් යහපාලන රජය යටතේ අහෝසි කර තිබූ ජීඑස්පී ප්ලස් බදු සහනය නැවත ලංකාව හිමි වූණි.ඒ  යටතේ යුරෝපා සංගමයට අයත් රටවල් හී වෙළෙඳපොළට සිය නිෂ්පාදන අපනයන කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විණි.

කෙසේ වෙතත් මානව හිමිකම්  සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් ලබා නොගතහොත් ශ්‍රී ලංකාව සඳහා ජී.එස්ලපී ප්ලස් බදු සහනය  ඉවත් කරන ලෙස යුරෝපා කොමිසමෙන් ඉල්ලා යුරෝපා පාර්ලිමේන්තුව ඉකුත් ජූනි 08 වැනිදා යෝජනාවක් ද සම්මත කළේය.