යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව සේයාරුවින්
‘පිබිදෙන ශ්‍රී ලංකාව‘ මැයෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් ජනාධිපති මාධ්‍ය අංශය හා විදේශ අමාත්‍යංශය සංවිධානය කරයි.
ලබන සැප්තැම්බර් 19-20 දින තුළ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කර්යාලයේදීත්, 22 දින ‘බර්ටිංහැම්‘ නගරයේදීත් මේ ප්‍රදර්ශනය පැවැත්වීමට යයි.
තිස්වසරක යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධනය මෙන්ම අවතැන්වූවන් යළි පදිංචි කරවීමද මේ ප්‍රදර්ශනයට ඇතුළු වෙයි.
මෙහි ඉදිරි පියවර සැප්තැම්බර් 28-29 ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ (ඡායාරූප) සුදත් සිල්වා මහතා කියයි.

